2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් තරඟය මුදලට පාවා දී ඇති බවට එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද, ට්වීටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

මෙවැනි චෝදනා එල්ල කිරීම බරපතල වන අතර, එය අප සියලු දෙනා ආදරය කරන ක්‍රීඩාවක ප්‍රතිරූපයට කැළලක් ඇති කරන බවත් එම නිසා ඉක්මණින් ක්‍රියාමාර්ග ගෙන අදාළ චෝදනාවලට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කරයි.