2011 වසරේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා සදහන් කරයි.
තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් නමුත් ඒ සදහා ක‍්‍රීඩකයන් සම්බන්ධ කර නොගන්නා නමුත් යම් පාර්ශවයන් මීට සම්බන්ධ වී කටයුතු කල බවත් ඔහු පැවසීය.
එම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් එය යම් පිරිසක් විසින් මුදලට පාවා දුන්නේ යැයි තමන්ට හැඟෙන බව ද ඔහු පවසයි.