කංජිපානි ඉම්රාන්ගේ පියාට ඊයේ (17) පස්වරු 6.30ට පමණ මාළිගාවත්ත සද්ධර්ම මාවතේ පිහිටි ඔහුගේ නිවස අසළ දී තියුණු ආයුධයකින් පහර දී තිබේ.සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ලැබූ 65 හැවිරිදි ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකු වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන් මේ වන විට බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔහුගේ පියා, කංජිපානි ඉම්රාන්ට ආහාර භාජනයක සඟවා ජංගම දුරකථන 2ක් ලබා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙකි.

එක් පුද්ගලයෙකු ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය සමඟ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පහර දීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඇත. අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අද (18) දින අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.