ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

අනුරාධපුර පුදබිමට පැමිණ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන අනතුරුව උඩමළුව වෙත ගොස් බෝධීන් වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමාට සෙත් පතමින් මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කළ අතර පුදබිමට පැමිණ සිටි ජනතාව ද ජනාධිපතිවරයාට  ජන්ම දින සුබ පැතුම් එක් කළ බව  ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටී.