පෙරහුරු මැතිවරණයක් හෙට (07) උදේ 10 සිට දහවල් 12 දක්වා අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත් වෙනවා.

ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා ඡන්දදායකයින් 200 ක් පමණ පිරිසක් මේ සදහා යොදා ගැනීමට නියමිතය.

සෞඛ්‍ය නීති පිළිපදිමින් මැතිවරණයක් පැවැත්වීමේදී ඇති වන අපහසුතා හඳුනා ගැනීම මුලික කරගෙන මෙම පෙරහුරුව හෙට පවත් වෙන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කලා.

දුරස්ථභාවය පවත්වාගෙන යමින්, මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.