කොරෝනා වසංගතයට එරෙහිව ගෙන යන සටනට සහාය දැක්වීමක් වශයෙන්, රටවල් 77 කට ලබා දී තිබෙන ණය, ආපසු අය කර ගැනීම අත්හිටුවීමට චීනය තීරණය කර ඇති බව චීනයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, මේ ප්‍රතිලාභය හිමිවන රටවල් 77 මෙතෙක් චීනය නම් කර නොමැත.

කොරෝනා වසංගතයට එරෙහිව තමන් සටන් කරමින් සිටිය දී, ලෝකයේ රටවල් 170 ක නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන 50 ප්‍රධානීන් මෙන්ම, දේශපාලන පක්ෂ 300 කට වඩා වැඩි ප්‍රමාණයක්, ඔවුන්ගේ සහයෝගය චීනය වෙත පළ කර තිබුණු බවද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වරයා පවසා තිබුණි.

කොරෝනා වසංගතයට එරෙහිව සටන් වදින රටවල් 170 ක් පමණ ප්‍රමාණයකට, චීනය දැනටමත් සිය සහාය ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.