පාස්කු ප්‍රහාරය  පිටිපස්සේ මේ ආණ්ඩුව හිටියා වෙන්න පුළුවන් කියන එක ගැන මගේ සැකයක් තිබෙනවා. 21 වැනිදා බෝම්බ ගහන්නේ. 27 වැනිදා එක් නාලිකාවක් ගෝඨාභය රාජපක්ෂව සජීවි වැඩසටහනකට ගෙන්වනවා. රට අනතුරේ. රට භාරගන්න කැමැතිද අහනවා. ඔවු මම සූදානම් කියනවා. ගේම් එක කොහොමද. ඊට පස්සේ ප්ලෑන් කරපු හැටි කොහොමද. රටේ ප්‍රශ්ණ  ඇති කරපු හැටි කොහොමද. වෙච්ච විනාශය කොහොමද. මාධ්‍යවලින් ගහපු ගැහිල්ල කොහොමද යැයි බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි.

මම ගණන් හදල පෙන්නලා කිව්වා 52% ගොඨාභය රාජපක්ෂ ගත්තා. සජිත් ප්‍රේමදාස මහත්තයා 42% ගත්තා. සියයට පහයි ගෝඨාගේ ගොඩෙන් සජිත් ගොඩට යන්න තිබුණේ. එහෙම වුණානම් දෙවැනි මනාපය බලන්න ඕනෑ. ජේවීපී එක දෙවැනි මනාපය ගැහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මේක යටපත් කරන්නයි, රනිල් මහත්තයා අගමැති කතාව කිව්වේ. ඒක යටපත් කරන්නයි පාස්කු ප්‍රශ්ණය ගෙනාවේ. මගේ ප්‍රතිපත්තිය තුළ මට බොරු කියන්න බැහැ.

මට කාදිනල් හිමිපානන් එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාධ්‍ය නාලිකා එක්ක ප්‍රශ්නයක් තිබෙනවා. කරුණා අම්මාන් කියනවා හමුදාවේ තුන්දාහක් මැරුවා කියලා. මෙයාව හෙට අනිද්දාට CID යට ගෙනියනවා කියල කලින් මම කිව්වා වගේම වුණා. ඡන්දෙට සති දෙකක් තියලා මෙයාව ඇතුළට දානවා. බන්ධනාගාරයෙ ඇතුළේ ෆ්‍රිජ්, ඇඳවල්, ටෙලිෆෝන් තිබෙනවා. සති දෙකකට ඇතුළට දාල තියෙනවා. උතුරේ දෙමළ මිනිස්සු හිතනවා කරුණා අපි වෙනුවෙන් හිරේ ගියේ. ඒ නිසා කරුණාව බේරගන්න අපි ඡන්දෙ දෙන්න ඕනෑ කියලා. මෙන්න ඡන්ද කෙරුවාව.

අපි සමඟි ජනබලවේගය හැදුවේ ඕනෑම කෙනෙකුට මේක ඇතුළට එන්න පුළුවන් විදියටයි. මේ රටේ තිබෙන අසාධාරණය අයුක්තිය දකින්නයි.

මේ දේශපාලනයේ තව කීප දෙනෙක් යන්න ඉන්නවා. සරත් ෆොන්සේකා මහත්තයාට ෂොට් එක දෙන්න යන්න ඉන්නේ. කිසිම හේතුවක් නිසා නෙවෙයි, දේශපාලනය අවංකවම කරපු නිසායි.

පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනෑ මෛත්‍රීපාල සිරිසේන මහත්තයායි. මම බය නැතුව කියනවා. එතුමා තමයි එවකට හිටපු විධායක ජනාධිපති. සේනාධිනායක. පොලිසිය, බුද්ධි අංශය, ආමි එක සියල්ලම එයාගේ යටතේයි.

සජිත් මහත්තයාට දිනන්න දුන්නේ නැත්තේ අලියායි. හැබැයි අලියා අයිති අපිටයි. හැබැයි දැන් ඉන්න ඇත් ගොව්වා මෙන්ටල් කෙනෙක්. ඇත් ගොව්වා මාරු කරගන්නම ඕන. සජිත් මහත්තයාගේ අඩුපාඩුවක් තිබෙනවා කියලා හිතන්නවත් එපා යැයිද සඳහන් කර සිටියේ සමඟි ජන බලවේගයේ තංගල්ල ආසන බල මණ්ඩල රැස්වීමට අද(25) පස්වරුවේ සහභාගි වෙමිනි.