ජනාධිපතිවරයා මහබැංකු නිලධාරීන් සමග කළ ප්‍රකාශය හා ගත් ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂය අගය කර තිබේ. හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික  පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඒ පිළිබඳව අදහස් පළ කළේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැත්තන් ලෙස කටයුතු කරන බවත්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිස්වලට ඇතැම් මහ බැංකු නිලධාරින් බියෙන් කටයුතු කරන බවත්  එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින්  ඔහු  පැවසුවේ.