2011 වසරේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා සිදුකල ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් පවත්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා වෙත උපදෙස් දී ඇත. අදාළ පරීක්ෂණය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකරන බව අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

මහින්දානන්ද හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව ට්විටර් පණිවිඩ නිකුත් කරමින් හිටපු ක්‍රිකට් නායකයින් වන මහේල ජයවර්ධන, සංගක්කාර කුමාර සංගක්කාර සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන හරීන් ප්‍රනාන්දු පවසා තිබුනේ සාක්ෂි ඇත්නම් ඒවා පැමිණිල්ලක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන ලෙසයි. 
නාමල් රාජපක්ෂ, ඉක්මණින් ක්‍රියාමාර්ග ගෙන අදාළ චෝදනාවලට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර තිබුණි.