Head

අද ස්ට්‍රෝබෙරි චන්ද්‍රග්‍රහණයක්.


පොසොන් පුර පසළොස්වක පොහොය දා වන අද (05) සහ හෙට (06) ලොව පුරා රටවල් රැසකට ඡායා චන්ද්‍රග්‍රහණයක්  නිරීක්ෂණය කළ හැකි වනවා.

එම ඡායා චන්ද්‍රගහණය අද (05) රාත්‍රී 11.15 සිට හෙට (06) අලුයම 2.30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට දැක බලා ගත හැකියි.

සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එකම රේඛාවක පිහිටිමේදී සඳ වෙත පතිත වන හිරු රැස් පෘථිවියෙන් මුවා වීමෙන් මෙලෙස ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇති වෙනවා.

එය ආසියාවේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ සහ අප්‍රිකාවේ රටවල් රැසකට දැකගත හැකි වන අතර ජාත්‍යන්තරය එය හදුන්වන්නේ ස්ට්‍රෝබෙරි චන්ද්‍රග්‍රහණය ලෙසයි.