ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාට අයත් බව කියන නාරාහෙන්පිට ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඔහු ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කල සංවාදයකදී අදහස් පළ කර ඇත.

අපිට එහෙම දෙවිදිහක් නැහැ. අපේ විදිහ රටේ මිනිස්සු දන්නවා. අපි කිසිදෙයක් සඟවලා නෑ. මටත් මගේ කියලා හංගන්න දෙයක් නෑ. අපේ මාමණ්ඩිට නාරාහේන්පිට හන්දියේ කඩ හතරකුයි ගෙවල් දෙකකුයි ඉඩකඩම් එහෙම තියෙන බව මම කොහේවත් හංගල නෑ. ඒ වගේම ඒ ගැන කිය කිය ගිහිල්ලත් නෑ. මේක අලුතෙන් හොයාගත්ත ප්‍රවෘත්තියක් නෙවෙයි. මම මගේ නෝනව කසාද බැන්දෙ දේපළ ගන්න නෙවෙයි. ඒවා එයාලගෙ. මටත් මගේ පරම්පරාවෙන් එන දේපොළ තියෙනවා. මටත් මගේ ආච්චිගෙන් හම්බවෙච්ච ඉඩමක් තියෙනවා. ඒ ඇරෙන්න දේශපාලනයෙන් අපි සතපහක් හම්බකරල නෑ. දේශපාලනය කරල ඉඩකඩම් දේපොළ එකතු කරගෙන නෑ. මම කැලණිය විශ්වවිද්‍යාලයෙ ගණිතය පිළිබඳ විශේෂවේදී උපාධියක් තියෙන කෙනෙක්. මගේ පවුලෙ සහේදර සහෝදරියො කවුරුත් රජයේ සේවකයෝ. මගේ අම්මයි තාත්තයි දෙන්නත් රජයේ සේවකයෝ. අපි හිඟන්නො නෙවෙයි. ඒ විස්තර අපි කිසි තැනක හංගලා නෑ. විශේෂයෙන් කිය කිය යන්නෙත් නෑ. මම දැන් අවුරුදු විස්සක් නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඇමැතිකම් කරලත් තියෙනවා. ඒත් සතපහක් අපි ඒකෙන් හම්බකරල නෑ.