2020 මහ මැතිවරණය එළබෙන අගෝස්තු 05 වනදා පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කලා.

ඒ අද (10) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වැඩි දුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා ජූලි මස 20 වෙනි දිනට පැවැත්වීමට තිබු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනි දිනට පැවැත්වෙන බවද එම තීරණය මැතිවරණ කොමිසමේ සභාපති වශයෙන් තමාද සාමාජික ජනාදිපති නීතිඥ නලින් අබේසේකර සහ සාමාජික රත්නජිවන් හූල් යන මහත්වරුන්ගේ ඒකමතික තීරණයෙන් පසු අත්සන් කරන ලද ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යැවූ බවද  පැවසුවේය.