අද (20) ජනාධිපතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පැවත්වූ කිරි ආහාර පූජාවේ විශේෂ අවස්ථා...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආගමික වතාවත්වලට සීමා වෙමින් අද සිය ජන්ම දිනය සැමරුවා. උදෑසන අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පහන් දල්වා, කිරි ආහාර පූජාව පැවැත්වූ අතර පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබුවා.

අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාව සිදු කළ අතර, චෛත්‍ය මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද ඉටු කළා. රුවන්වැලි සෑය පරිශ්‍රයේ ඇති දුටුගැමුණු මහරජුගේ සහ විහාරමහා දේවියගේ පිළිරුවට මල්දම් පැළඳවීම ජනාධිපතිතුමා අතින් සිදු කර අතර චෛත්‍ය මළුවේ ඇති බුද්ධ මන්දිරය සහ දේවාල වෙත ද ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වුණා.

මහා සංඝරත්නය උදෙසා උදෑසන දානමය පුණ්‍යකර්මය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබීම ද විශේෂත්වයක්.රුවන්වැලි චෛත්‍යාධිකාරී පූජ්‍ය පල්ලේගේම හේමරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ඊට වැඩම කරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු සහ හිතවතුන් ද මේ අවස්ථාවට එක්ව සිටියා.