කොවිඩ් ව්‍යාප්තිය නිසා හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කිරීමට හැකි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇත. ඒ අනුව සාමාන්‍ය කටයුතු සඳහා කදවුර විවෘත කල හැකි බව ඔහු විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

නාවික හමුදාව පවසන්නේ පියවර කිහිපයක් යටතේ කඳවුරේ රාජකාරී යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. කදවුර මේ වන විට සුරක්ෂිත කලාපයක් ලෙස පත්වී ඇති බවත් වැලිසර කඳවුරේ රෝහල හැරෙන්නට සියලුම අංශ ඒ අනුව විවෘත කළ හැකි බවත් රෝහල 25 වන දා විවෘත කරන ලෙසත් අනිල් ජාසිංහ මහතා දැනුම් දී තිබේ.

නාවික හමුදා සාමාජිකයින් 901 හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 37 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තිබේ.