පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලබා දීම සඳහා කාදිනල් හිමියන් ප්‍රසිද්ධියේ දේශපාලනය කළ බව ද එය ඉතාම හිරිකිත ක්‍රියාවක් බවද හරින් ප්‍රනාන්දු මහතා ජනහමුවක් අමතමින් කියා සිටියේය.

එම ප්‍රකාශය හේතුවෙනි අගරදගුරුතුමන්ට  ඇති වූ සිත් වේදනාව පිළිබඳව තමන් කණගාටු වෙනවා මෙන්ම නැවත නැවතත් සමාව අයදින බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.