පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ විවාහ මංගල උත්සවයට එවකට සිටි අමාත්‍යවරුන් දෙදෙනෙකු සහභාගි වී ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අද හෙළි වුණා. ඒ, ඊබ්‍රාහිම් ඉල්හාම්ගේ නැන්දණිය වන ෆාතිමාගේ ජෙෆ්රිගේ මවගේ ප්‍රකාශයක් මගින්.

එම කොමිසම හමුවේ සාක්ෂි  ලබාදෙමින් ඇය සඳහන් කළේ තම පවුලේ බාල දියණිය වූ ෆාතිමා ජිෆ්රි 2012 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඊබ්‍රාහිම් ඉල්හාම් සමඟ විවාහ වූ බවත් ඉතා උත්සවාකාරයෙන් පැවති එම විවාහ උත්සවයට එවකට හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ තවත් අමාත්‍යවරයෙකු පැමිණි බවට තමන්ට මතකයක් පවතින බවත්ය. <br කෙසේ වෙතත්, අනෙක් අමාත්‍යවරයා කවුරුන් ද යන්න තමාට නිසි මතකයක් නොමැති බවත් තොරතුරු නිශ්චිතව අවශ්‍ය නම් තම දරුවන්ගෙන් විමසා තහවුරු කළ හැකි බව ද ඇය කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා.