2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී සිට නැත.

ඒ අනුව විත්තිකාරියට ජුලි මස 10 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කර තිබේ. එම සිතාසිය අද දින ම ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කළේය.