මහ බැංකු අධිපති ධුරයෙන් තමා ඉල්ලා අස්වූ බවට පළ වන වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩි. ලක්ෂ්මන් මහතා පවසයි. රජයේ බලධාරින් තමාගෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවත් තමාගේ ද එවැනි අදහසක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා කියා සිටියි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (18) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක නිරත වුණා.