‘මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්. වැඩ කරන්නම්’ කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බව ද එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපතිතුමන් උදෑසන ආරම්භ වූ තැන් පටන් මධ්‍යම රාත්‍රී 11-12 පමණ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු අලවුවේදී පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.