මැතිවරණ කොමිෂන් සභාවේ තීරණයක් වැරදි බවට දක්වමින් පළ වූ ෆේස්බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කොමිෂන් සභාව පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත බලපෑම් කරන බවට කඩුවෙල හිටපු නාගරික කොමසාරිස් ගාමිණී ගුණසේකර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබූ අතර ඊට දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්  සේනක පල්ලියගුරු මහතා විසින් ෆේස්බුක් ගිණුම ඔස්සේ සිය පෞද්ගලික අදහස ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මාර්ගයේ දැනුම්දී ඇත්තේ මැතිවරණයක් පැවැත්වීමේ ක්‍රියාවලියට කරනු ලබන බාධාවක් හා අවහිරයක් ලෙස එය දකින බවයි. එමෙන්ම, මෙවැනි ක්‍රියා අනෙකුත් රාජ්‍ය නිලධාරින්ට වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් මෙන්ම, රාජ්‍ය පාලනයට අහිතකර තත්ත්වයක් බව ද මැතිවරණ කොමිසම පෙන්වා දී ඇත.


මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම යටතේ නිවාඩු නොගන්නා ඡන්ද අපේක්ෂිත පලාත් පාලන ආයතන ප්‍රධානීන් හා සභිකයින් නිවාඩු ගැන්වීම...

Posted by Senaka Palliyaguruge on Friday, May 22, 2020