ආගමික නායකයින් විවේචනය කරන ඕනෑම පුද්ගලයෙකු මෙන්ම ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයත් දිනෙන් දින පරිහානියට ලක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (22) පස්වරුවේ කුරුණෑගල වඳුරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එවැනි දැ පවසන පුද්ගලයින් සිටින පක්ෂ ද පිරිහිමට ලක්වන බවයි.

එය ප්‍රේමදාස පිළේ තිබේන නොමේරු ගති ලක්ෂණ බවද  අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය