පාස්කු ඉරුදින ප්‍රහාරය පසුපස සිටියේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිඟුරක්ගොඩ කාන්තා කොට්ඨාස බල මණ්ඩල රැස්වීමට අද (22) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ තමන් ජනාධිපති ධුරය දැරු සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත් බැවින් ජනතාව අතරේ තමන්ව අපකීර්තියට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම කුමන්ත්‍රණය සිදු කළ බවයි.

එළඹෙන මැතිවරණය පසුවද තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතුව මත්ද්‍රව්‍ය ජාවාරම් නැති කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.