ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් රුවන්වැලි සෑ රදුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත්තේය.

ඉන් අනතුරුව අටමස්ථානාධිපති, උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා , බැසිල් රාජපක්ෂ මහතා , පරිසර හා වනජිවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  නාමල් රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ මහත්වරුන්, හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති එස්. එම්. රංජිත් මහතා, හිටපු උතුරු මැද පළාත් අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් මෙම අවස්ථාවට එක්වූහ.