ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ලාංකිකයන් රැසක් අද අළුයම සහ උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා මගින් මෙරටට් පැමිණ තිබේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරණ යානයෙන්ද

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1042 දරණ යානයෙන්ද

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1026 දරණ යානයෙන්ද

254 දෙනෙකු ලෙස පැමිණි මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.