ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම වෙනස් කර ඇතැයි ජාත්‍යන්තර පොලිසිය විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව ඔහුගේ නව නම වන්නේ හර්ජන් ඇලෙක්සැන්ඩර් බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන චූදිතයා ලෙස ඔහුට චෝදනා එල්ල වී ඇතත් ඔහු අධිකරණය මගහැර රටින් පැන ගොස් සැගව සිටී.