කොරෝනා වසංගතය හේතුවෙන් මාස 03 කට වඩා නවතා තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු වීම අද (01) සිට යලි ආරම්භ කිරීමට සුදානම් වෙනවා. ඒ කොරෝනා නිරෝධායන නීතිරීති වලට යටත්ව ක්‍රීඩා අමාත්‍යංශය ලබා දුන් අවසරය මතයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ තෝරා ගත් ක්‍රීඩකයන් 13 දෙනකු අද සිට දින 12 ක කාලයක් නේවාසික පුහුණු කඳවුරකට එක් වෙනවා.

මේ සඳහා අයත් වන ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කොළඹ හෝටලයක නවාතැන ගෙන සිටින අතර අද එහිදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දෙනු ඇත. ඉන් අනතුරුව හෙට (02) සිට CCC (colombo cricket club) ක්‍රීඩාංගනයේ දි පුහුණුවීම් ආරම්භ වීමට නියමිතයි.