හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් 21000 වර්තාව කැඩීමට වර්තමාන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාවක් නොලැබෙන බව තහවුරු වී තිබේ.

2016 වසරේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජාන් ගාර්දිය පුංචිහේවා යන අයට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. 

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කර ගැනීමත් සමග ඔහුව සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යළිත් වතාවක් ලියකියවිලි සකස්කරන්නට සිදුවෙතැයි බොහෝ දෙනා අතර කතා බහක් ඇති විය.මෙම ලියකියවිලි සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇඟිල්ලේ දියපට්ටා එනතුරු අත්සන් 21000 ක් ගැසූ බව ඔහු විසින් පසුගිය දා අනාවරණය කළේය. මේ නිසා අර්ජුන් මහේන්ද්‍රන් තමන්ගේ නම වෙනස් කරගැනීමෙන් පසුව වර්තමාන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාටද ඇගිල්ලේ දියපට්ටා එනතුරු අත්සන් ගැසීමට සිදුවනු ඇති බව ඇතැමෙකු ගේ අදහස විය.

කෙසේ වෙතත් ඊයේ(16දා) අධිකරණයේ දී අනාවරණය වූයේ උදර්පන නීතිය අනුව අර්ජන් ඇලෙක්සැන්ඩර් මහතා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අලුතින් ලියකිවිලි සකස් කිරීමට දැනට අවශ්‍යතාවයක් නොවන බව සිංගප්පූරුවේ නීතිපතිවරයා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දන්වා ඇති බවයි.