ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම සහ ආරක්‍ෂක හමුදා භටයන් මරාදැමීම ගැන වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු කොටි ත‍්‍රස්තයන් 84 ක් නිදහස් කරන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක එස්. පේ‍්‍රමචන්ද්‍ර, ද්‍රවිඩ ජාතික පක්‍ෂයේ නායක එන්. ශ්‍රීකාන්තා සහ ඊළාම් තමිලර් පක්‍ෂයේ ලේකම් ආනන්දි සසිතරන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙම ද්‍රවිඩ දේශපාලන නායකයන් හිටපු කොටි මුදාහරින ලෙස ඉල්ලා සිටියත් ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනා දිගටම ගෙන යන බව බුද්ධි අංශ රජයට දන්වා තිබේ.

විග්නේශ්වරන් ඇතුළු පිරිස මෙම හිටපු කොටි හඳුන්වා ඇත්තේ දේශපාලන සිරකරුවන් යනුවෙනි.එසේම මෙම හිටපු කොටින්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසද ඔවුහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

දිවයින - කීර්ති වර්ණකුලසූරිය