නව කොරෝනා වසංගතයෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා තිබෙනවා. අද (07) වන විට එම සංඛ්‍යාව 402,273 වන බව විදෙස් වාර්තා පවසනවා.

ලොව පුරා නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත වූවන් මිලියන 7 ඉක්මවීමට ආසන්නව ඇති අතර එය 6,983,734 ක් වනවා. වැඩිම ආසාදිතයින් මේ වන විට වාර්තා වන්නේ ඇමෙරිකාව සහ බ්‍රසීලය යන රටවලින්.

ඇමෙරිකාවේ ආසාදිතයින්ගේ ප්‍රතිශතය ලොව සම්පුර්ණ ආසාදිතයින්ගේ සියයට තිහක් වනවා. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නෙත් ඇමෙරිකාවෙනුයි. එය 112,096 ක් වනවා.

මේ වන විට නව කොරෝනා වෛරසය වැළදී සුවවූ සංඛ්‍යාව 3,413,444 බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.