අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන පිරිස් පසුගිය දිනවල එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලියාපදිංචි කරගත් අතර 1200 කට ආසන්න පිරිසක් එහි ලියාපදිංචි වී තිබිණි.

එසේ ගොස් සිටි 275 දෙනෙකු අද (17) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.