අප්‍රේල් 22 පැවැත්වීමට තිබුණු කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමු රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම සඳහා වන ජනමත විමසුම ජූලි 01 දා වැනිදා පැවැත්වෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

නව සංශෝධන අනුව රුසියානු ජනාධිපති ධුරයට පත් වීමට හැකි වාර සීමාව ඉවත් කරන අතර එවිට 2036 වසර වනතුරු වුවද පුටින්ට බලයේ සිටින්නට අවශ්තාව හිමිවන බව එරට විපක්ෂය චෝදනා කරනවා. ඒ අනුව දැනට 67 වන වියෙහි පසුවන ජනාධිපතිවරයා දැනට ඇති සීමා අනුව එම ධුරය දැරිය හැක්කේ 2024 වන තුරු පමණි.

නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට ජූලි 01 වන දින සියලුම රුසියානු වැසියන් හට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.