ජාත්‍යන්තර කොටි කි‍්‍රයාකාරීන් 144 දෙනකු "දුටු තැන අල්ලනු" යනුවෙන් දැක්වෙන ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) වරෙන්තු අහෝසි වූයේ යහපාලන රජය ඔවුන් මෙරටට අවශ්‍ය නොවන බවට ඉන්ටර්පෝල් පොලිසියට දැනුම් දීම නිසා යැයි අනාවරණය වී ඇත. මේ කොටි නාම ලේඛනය අහෝසි කිරීම යහපාලන රජය ජනතාවගෙන් වසන් කර තිබිණි.
 
විනයාගම්, තෙදියවන්, පෙරියනායගම්, රේවතන්, අයියන් යන කොටි ප‍්‍රධානින් ඇතුළු කොටි 144 දෙනකු මෙරටට අවශ්‍ය කරන බව 2009 දී රජය ඉන්ටර්පෝල් පොලිසියට දන්වා තිබිණි.
 
ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ පසුගිය රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු මේ සිද්ධියට සම්බන්ධ බවයි.