අද (10) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 65 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1,122 ක් වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (09) දිනයේ ආසාදිතයින් 02 ක් පමණක් හඳුනාගත් බවත් ඔවුන්ගෙන් එක් අයෙකු කටාර් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු කර සිටි නාවික හමුදා සාමාජිකයෙක් බවයි.

මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 1,859 ක් ද රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 791 ක් ද වන අතර මරණ ගණන 11 ක් වනවා.