එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට විවේචනය කරමින් කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කර සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුවේට් මාධ්‍ය වාර්තා කරයි.

එකී කාන්තාව සමාජ ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ කුවෙට් පාලකයා විසිනි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගැන කිසිම තැකීමක් නොකර කොරෝනා බෝවන්න ඉඩදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරව ශ්‍රී ලංකාවට එවන බවයි.

‘කුවේට් රජා බල්ලෙක්. මනුස්සයෙක් නොවෙයි. මනුස්සයෙක් නං කොරෝනා ඉවර වෙනකං ඉන්න තැනක් දෙන්න තිබුනා’ යයි ඇය වීඩියෝවේ සදහන් කරයි.

රාජ්‍ය දෙ‍්‍රා්හී චෝදනා යටතේ ඇයට අවම වශයෙන් වසර 05ක සිර දඬුවම් හිමිවීමට එරට නීතිය අනුව ඉඩක් ඇත.

කුවේට් මාධ්‍ය වාර්තා මෙතනින්