කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් CSN නාලිකාවේ විකාශන අයිතිය අත්හිටුවමින් එවකට ජනමාධය අමාත්‍යාංශයේ ලේඛම්වරයා ගත් තීරණය ඉවත් කර ගැනිමට තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ අද අභියාචනාධිකරණයේ දී එකගත්වය පල කළා.

ඒ අනුව තම විකාශන අයිතිය අත් හිටුවීමට ගත් තීරණය  අභියෝගයට ලක් කරමින් CSN පුද්ගලික සමාගම ගොනු කළ රිට් පෙත්සම සියලු පාර්ශ්වයන්ගේ එකගතාවය මත සමථයකට පත් වන ලදී .

මේ අතර CSN රූපවාහිනී නාලිකාවෙ විකාශන වලට අදාළ සංඛ්‍යාත පෙර තිබූ තත්ත්වයෙන් පවත්වාගෙන යාමට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අභියාචනාධිකරණයේ දී එකගත්වය පල කරන ලදී .


Carlton Sport Network (CSN) ආයතනය විසින් ගොනු කළ මෙම පෙත්සමින්  ජනාමාධය අමාත්‍යාංශයේ ලේඛම්වරයා ඇතුලු පාර්ශව හතරක් වග උත්තරකරුවන් ලෙසට නම් කොට ඇත.