විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

‘ටැමිල් ඊළාම් සයිබර් ෆෝස්’ නම් කණ්ඩායමක් විසින් එම ප්‍රහාර එල්ල කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය තහවුරු කරයි.

ඔවුන් විසින් එම වෙබ් අඩවි දෙකේ LTTE ධජය පළ කොට ඇති අතර මේ වන විට අදාළ බලධාරීන් එම වෙබ් අඩවි යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මීට පෙරද එම කණ්ඩායම විසින් මෙරට වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප‍්‍රහාර එල්ල කරන ලදී.