අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ දියණියව වහාම නිරෝධායන කටයුතු සඳහා මීගමුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයකට යොමු කර ඇත.

ඔහුගේ දියණිය වෛද්‍යවරියක් ලෙස සේවය කරන්නේ ඕමාන් රාජ්‍ය වන අතර පියා අභාවප්‍රාප්ත වන විටද ඇය එහි රැඳී සිටියාය.

ඒ සමගම ඇය වහාම ඊට සහභාගිවීමට කුලියට ගත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණිය ද කටුනායක ගුවන් තොටුපලේ දී ඇය නිරෝධායනය සඳහා දින 14ක කාලයක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක ට යොමු කර ඇත.

තම පියාගේ අවමංගල ට සහභාගී වීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියද මේ වනවිටත් ඇයට එම අවසරය ලැබී නැත. අවමංගල්‍ය අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාවක් පමණක් ලබා දිය හැකි බව බලධාරීන් විසින් යෝජනා කර තිබේ.