අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුලේ කටයුතු සංවිධානය කරමින් සිටි එක් පුද්ගලයෙක් නිරෝදායන පනතේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දුරකතනයෙන් තර්ජනය කළේ යැයි තම සංගමය වෙත වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මෙම පිරිස සියලූ නිරෝධායන නීති හා සෞඛ්‍ය උපදෙස් අමු අමුවේ උල්ලංඝණය කළ බව රටම දන්නා බවත් මෙවැනි ක්‍රියාවලට එරෙහිව සමස්ත රට පුරා පක්ෂ විපක්ෂ සියලූ කණ්ඩායම් වෘත්තිකයන් සහ සියලූ ජන කොටස් පෙළ ගැසිය යුතු යැයි ද ඔහු සදහන් කරයි.