අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක සෙබලුන් දෙදෙනෙකු කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මේ වන විට ලොව පුරා ගැටුම්කාරී ප්‍රදේශ 15ක ජගත් සාම සාධක සෙබලුන් ලක්ෂයක් පමණ යොදවා ඇති අතර, ඔවුන්ගෙන් කෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළේ කාම්බෝජයෙන් සහ එල් - සැල්වදෝර් රාජ්‍යයෙන් පැමිණි සාම සාධක භටයන් දෙදෙනෙකු මෙලෙස කොරෝනා වෛරසයෙන් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම ජගත් සාම සාධක මෙහෙයුම්වල නිරත 137 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 90 දෙනෙකුම මාලි රාජ්‍යයේ යොදවා ඇති අයයි.