නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වලමලෙයි වත්තේ මන්දකට හසු වි සිට මුදාගනු ලැබූ කළු කොටියා අද (29) උදැසන මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.  

වතු යායේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට හසුවී සිටි මෙම කළු කොටියා වනජීවී නිලධාරීන් විසින් පසුගියදා නිර්වින්දනය කොට බේරා ගනු ලැබූ අතර ඔහුට ඇතිව තිබු තුවාල හේතුවෙන් උඩවලව ඇත් අතුරු සෙවනේ පිහිටි පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට පියවර ගනු ලැබුවා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේදී මෙම කළු කොටියා අද මියගිය බවයි උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ. මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතව තිබෙනවා.