කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ඇතැම් විට ලෝකයෙන් තුරන් කිරීමට නොහැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ මයික් රයන් පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ සරම්ප වැනි රෝග පවතින ආකාරයෙන් එන්නතක් සොයාගත්තද කොරෝනා වෛරසය ලොව කුමන හෝ තැනක පවතිනු ඇති බවටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ග්‍රෙබියේසස් ද එම මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ කොරෝනා වෛරසය මුළුමනින්ම ලෝකයෙන් තුරන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇති බවයි.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 4,429,884 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 298,174 ලෙසයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් 1,430,348 ක් ඇමරිකාවෙන් වාර්තා වනවා.