පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියළුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරිම නැවත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.